උක්ත නඩුවට අදාළව ඉදිරිපත් කර ඇති නඩු භාණ්ඩ වන ඖෂධ ඉක්මනින් හා ස්වභාවික ලෙස නෂ්‍ය වීමට යටත්වන දේපළ හෙයින් එකී ඖෂධ විකිණීමක් හෝ වෙන්දේසි කිරීමක් සිදුකරන ලෙස ඇල්පිටිය මහේස්ත්‍රාත් විසින් කර ඇති නියෝගයට අනුව එකී ඖෂධ වෙන්දේසි කිරීම සඳහා මෙම වෙබ් දැන්වීම ප්‍රසිද්ධ කරමි.
වෙන්දේසි ස්ථානය: ගාල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ඖෂධ ගබඩා පරිශ්‍රය.
දිනය: 2025 අප්‍රේල් මස 30 වන බදාදා.
වේලාව: උදෑසන 10.00 සිට.
මේ පිළිඹඳව ගාල්ල දිස්ත්‍රික්කයේ ඖෂධ තොග වෙළඳුන් සඳහා ඉදිරිපත් වීමට හැකි බව දන්වන අතර වෙන්දේසිය සඳහා ඇති ඖෂධ ලැයිස්තුව මේ සමඟ පළ කර ඇත. මේ පිළිඹඳ වැඩිදුර තොරතුරු සඳහා ගාල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය අමතන ලෙස දන්වමි.
වැඩිදුර විමසීම්:
ගාල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය: 091 2234078
ගාල්ල ආහාර හා ඖෂධ පරීක්ෂක, එස්.එස්.හපුආරච්චි මහතා: 071 8376392