ඖෂධ ශාලා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීම

ඖෂධ ශාලා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීම.

සියලුම තොග ඖෂධශාලා (Wholesale) සහ සිල්ලර ඖෂධශාලා (Retail) බලපත්‍ර හිමියන් වෙත.

රටේ උද්ගතව ඇති වසංගත තත්ත්වය මත ඖෂධ බෙදාහැරීමේ කටයුතු බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා තොග ඖෂධ ශාලා (Wholesale) සහ සිල්ලර ඖෂධ ශාලාවලට (Retail) අදාළ බලපත්‍ර උපරිම වශයෙන් 2022/12/31 දක්වා දීර්ඝ කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර ඇත.

මේ සඳහා අයදුම් කළ හැක්කේ කවරෙකුට ද?

මෙම දීර්ඝ කිරීම වලංගුවන්නේ 2018/01/01/ දින හෝ ඊට පසු දිනකදී වලංගු කාලය අවසන් වී ඇති තොග ඖෂධ ශාලා (Wholesale) සහ සිල්ලර ඖෂධ ශාලා (Retail) බලපත්‍ර සම්බන්ධයෙන් පමණි

❖ බලපත්‍ර දීර්ඝ කිරීම සිදු කරනුයේ එක් එක් ප්‍රදේශවලට නියමිත දිනයන්හිදී පමණි.

ඔබ දිස්ත්‍රික්කයට වෙන් කර ඇති දිනය දැන ගැනීම සඳහා Tentative Scheduled Dates for Licence Renewal for each Districts Licence

❖ ඔබගේ බලපත්‍රය දීර්ඝ කිරීමට අදාළ දිනය හෝ හිඟ වාරික සහ 2022 වසරට අදාළ බලපත්‍ර ගාස්තු පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා SPC Retail & Wholesale outlets, Cargills food city pharmacies,  Colombo District, Colombo district (RDHS), Colombo Distric (1-15),  Trincomalee District, Batticaloa District, Gampaha District (Mr.Niyaz), Gampaha District (Mr.Bandara), Gampaha District (Mr.Karunarathne) Kalutara Dstrict, Vavuniya District, Mannar District, Kilinochchi District, Kalmunai District, Jaffna District,  Matara District / Galle District / Rathnapura District / Hambanthota District /  Puttalam District / Kandy District / Matale District/ Badulla District/ Nuwara Eliya District/ Kegalle District/ Monaragala District/Ampara District Tentative Scheduled Dates for Licence Renewal for each Districts Licence . (අනෙකුත් දිස්ත්‍රික්කවලට අදාළ තොරතුරු ඉදිරි දිනවලදී දැනුම්දෙනු ඇත.)

www.nmra.gov.lk වෙබ් පිටුව වෙත (Announcement)

හෝ

➢ ඔබ ප්රදේශයේ ආහාර සහ ඖෂධ පරීක්ෂක නිලධාරී වෙත යොමුවන්න.

ඖෂධ ශාලා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීම සඳහා අවශ්‍ය ලේඛන

1 දීර්ඝ කිරීම සඳහාවන අයදුම්පත.
:මෙම අයදුම්පත Request-form-for-Pharmacies-extension වෙබ් පිටුවෙන් බාගත (Download)  කරගත හැකිය.*

2  2018/01/01/දින සිට ඊට හෝ ඊට පසු දිනකදී වලංගු කාලය අවසන් වූ තොග ඖෂධ ශාලා (Wholesale) සහ සිල්ලර ඖෂධ ශාලාවලට (Retail) අදාළ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කළ බලපත්රයේ මුල් පිටපත :(Original License)

3 ඔබ විසින් ගෙවිය යුතු හිඟ වාරික හෝ 2022 වසරට අදාළ බලපත්‍ර ගාස්තු ගෙවූ පසු බැංකුවෙන් නිකුත් කරනු ලබන බැංකු රිසිට්පත.

මුදල් තැන්පත් කළ යුතු ආකාරය

බැංකුව - ලංකා බැංකුව
➢ ශාඛාව - රීජන්ට් වීදිය
➢ ගිණුම් අංකය - 78088835
➢ ගිණුම් හිමියාගේ නම - ජාතික ඖෂධ නියාමන අධිකාරිය

අයදුම් කරන්නේ කෙසේද?

නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සහ අදාළ ලේඛන

1 ඔබගේ ප්‍රදේශයේ ආහාර සහ ඖෂධ පරීක්ෂක නිලධාරී වෙත
හෝ

2 ඖෂධ ශාලා සංගම් එකමුතුවේ නියෝජිතයෙකුට
හෝ

3 ඔබ විසින් සකසා ගන්නා ලද අවම වශයෙන් සාමාජිකයන් දස දෙනෙකුගෙන් (10) යුත් කණ්ඩායමක් නියෝජනය කරමින් එක් අයෙකු හෝ මඟින් ඔබ ප්‍රදේශයට වෙන් කළ දිනයට ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ලැබීමට සැලැස්විය යුතු වේ.

සැලකිය යුතුයි.

❖ අදාළ දිස්ත්‍රික්ක සදහා වෙන් කර ඇති දිනයට බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කිරීම සඳහා යොමු කරන අයදුම්පත් පිළිබද සංක්ෂිප්ත තොරතුරු ඇතුළත් ලේඛනයක් පහත දක්වා ඇති ආකෘතියට අනුව සම්පූර්ණකර ඔබ ප්‍රදේශයට වෙන් කර ඇති දිනයට අවම වශයෙන් දින (3) කට පෙර

1. ඔබගේ ප්‍රදේශයේ ආහාර සහ ඖෂධ පරීක්ෂක නිලධාරී මඟින්
හෝ

2. ඖෂධ ශාලා සංගම් එකමුතුවේ නියෝජිතයෙකු මඟින්
හෝ

3 ඔබ විසින් සකසා ගන්නා ලද අවම වශයෙන් සාමාජිකයන් (10) දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නියෝජනය කරමින් එක් අයෙකු හෝ මඟින් enmra.pharmacy@gmail.com විද්‍යුත් ලිපිනය මගින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත යොමු කළ යුතු වේ.

ආකෘති අංක 01

❖ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ඔබ පැමිණෙන සෑම විටම ඔබගේත්, අපගේත්, රටේත් ආරක්ෂාව උදෙසා නිසි සෞඛ්ය රීති අනුගමනය කළ යුතු වේ.

(Date: 23 June 2021)